උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල


සුජිත් හේවාජුලිගේ


අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැදදී පැවැත්වීමේ විභාග කාල සටහන සකස් කර අවසන් බවද ඔහු කීය.
මේ අතර උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තාව ලැබී ඇති බවත්, ඉදිරි සති කිහිපයේදී ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරු  35000 ක්  සහ උසස් පෙළ විභාග පරීක්ෂකවරු 19,000ක් සිටිති. මෙම සියලු‍ දෙනාට සෑහීමට පත්විය හැකි මට්ටමේ දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.