උසස් පෙළ ප්‍රතිඵල මේ සතියේ


රංජන් කස්තුරි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ (10 වැනිදාට පෙර) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උසස් පෙළ විභාග ප්‍රතිඵල සකස් කිරීම මේ වනවිට අවසන් මට්ටමේ පවතින බව ද, ඒ අනුව සති අන්තයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉකුත් ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනි දින දක්වා පැවැත්විණ.