උතුරේ ජනප්‍රියම චරිතය එක්ක සෙල්ෆියක්


ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරයේ දී යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග හමුවකට එක්වුණා. මේ හමුවට වෘත්තිකයෙකු නොවුණත් යාපනය මේ දිනවල ජනප්‍රියම චරිතය වන කිල්මිෂා උදයශීලන් දියණියත් එක් වුණා. ඉන්දියාවේ Zee Tamil නාලිකාව සංවිධානය කළ රියැලටි තරගයක් ජයගත් 14 හැවිරිදි කිල්මිෂා මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක්ද ගායනා කළා. ඇගේ පවුලේ සියලු දෙනාද මේ අවස්ථාවට සහභාගී වී සිටිනු දැකගත හැකිවුණා. ජනාධිපතිවරයා කිල්මිෂාගෙන් ඇහුවේ “කොළඹට ඇවිත් තවදුරටත් ඉගෙන ගන්න කැමතිද” කියලයි. ඇය එයට කැමති බව කිව්වා. කිල්මිෂාට තවදුරටත් සංගීතය හදාරන්න පහසුකම් සලසන ආකාරය බලන වැඩේ ජනාධිපති ලේකම්වරයාට පැවරුණා. කිල්මිෂා ඉන්පසුව ජනාධිපතිවරයාගෙන් ඇහුවේ සෙල්ෆියක් ගන්න පුළුවන්ද කියායි. සෙල්ෆි ගන්න කවදත් කැමති ජනාධිපතිවරයා යාපනයේ ජනප්‍රියම චරිතය එක්ක සෙල්ෆියක් ගත්තේ මෙහෙමයි.