උතුරේ ඉඩම් අක්කර 8ක් චීනයට දෙන වෑයමක්


සුමන්තිරන්ගෙන් චෝදනා 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර 8ක භූමි ප්‍රමාණයක් චීනයට විකිණීමේ වෑයමක් පවතින බව උතුරේ ආරංචි මාර්ග පවසයි.   

යුද සමයේ ආරක්ෂක අංශ විසින් භාවිත කළ බව වාර්තා වේ.  


එහෙත් දැනට යුද්ධය අවසන් වී වසර 12ක් ගතවී ඇතත් මෙම භූමියේ අයිතිකරුවන්ට එය ලබා නොදී චීනයට විකිණීමට යන බවට දැනට තොරතුරු ලැබී ඇතැයි දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.  


පසුගිය යුද සමයේ මෙවැනි පෞද්ගලික ඉඩම් හමුදාව අත්පත් කරගත්ත ද පසුව ඉන් 80% ක ප්‍රමාණයක් නිදහස් කර තිබේ.  


තවත් 20%ක පමණ පෞද්ගලික ඉඩම් මෙසේ නිදහස් කර ගැනීමට තිබෙන බව ද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.  


මෙම ඉඩම්වල අයිතිකරුවන් සිය ඉඩම් තමන්ට ලබාදෙන ලෙස දැනට අධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇතැයි වාර්තා වෙයි.