ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත එන්න උනන්දුවක් නෑ


ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර යුද තත්ත්වයක් ඇති වී තිබුණද ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් නොදක්වන බව වාර්තාවෙයි.


යම් ශ්‍රී ලාංකිකයෙකුට නැවත පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා සියලු අවස්ථා සපයා දී ඇතත්, සටන් පවතින ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා ආරක්ෂිතව සිටීමට වැඩි නැඹුරැවක් දක්වන බව වාර්තාවෙයි. 

මේ සම්බන්ධයෙන් අප කම්කරැ සහ විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත ශ්‍රීලංකාවට පැමිණීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙන හෙයින් යම් අයෙකුට අවශ්‍ය නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි.