ඉලක්ක සපුරා ගන්නැයි ජනපතිගෙන් රාජ්‍ය ආයතනවලට නියෝග


අංජුල මහික වීරරත්න

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂ්ම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතනවලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම ආයතන ආදායම් උපයාගත යුතු ප්‍රමාණය ඇතුළු ඉලක්ක මේ අනුව ලබාදීමට නියමිත ය.


රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉහත ආයතන හරියාකාරව කටයුතු කර නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට දැනුම් දී තිබේ.


ඒ අනුව අදාළ ආයතන රාජ්‍ය ආදායම උත්පාදනයේ දී දුර්වලතාවක් පෙන්නුම් කරන බව රජයේ නිරීක්ෂණයට ද ලක්ව ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ අතරින් දුර්වලම ආයතනය බව ද නිරීක්ෂණය වී තිබේ.


ජනාධිපතිවරයාගේ නියෝග අනුව අදාළ ආයතන 2024 වසරේ සිට රජය දෙන ඉලක්කවලට වැඩ කටයුතු කළ යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.