ඉදිරි සතිය අගදී ​කොවිඩ් රෝගීන්ගේ අඩුවක්?


මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති 
උපුල් රෝහණ  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ඉදිරි සතිය අග භාගය වන විට කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය 
පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.  

ආශ්‍රිතයන් බවත් දැනට පනවා ඇති සංචරණ සීමා නිසා එය අඩුවී ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.  


සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ නිසා ගැටලු මතුවන අතර එය ඉවත් කිරීමට නම් ජනයාට මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.  


ජුනි 14 (හෙට) සංචරණ සීමා ඉවත් කිරීමට නම් ජනතාවගේ හැසිරීම වඩා වැදගත් වන බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් අවදානය යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.