ඉදිරි සති කිහිපයේ පක්ෂ මාරුවීම් ඉහළට


ආරියරත්න රණබාහු

ඉදිරි සති කිහිපය තුළදී පක්ෂ මාරු කිරීමේ ප්‍රවණතාව වැඩි විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අතරින් සමගි ජනබලවේගයට එක්වන පිරිස වැඩි බවද පැවසේ. ජාතික ජන බලවේගයට එකතුවීමට බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටියද එම පක්ෂයේ ප්‍රතිපත්ති මත ඒ සඳහා ලැබෙන ඉඩ සීමිත බවද එම ආරංචි මාර්ග පවසයි.


ඒ අනුව ඉදිරියේදී පක්ෂ මාරු කරන පිරිස් අතර කුරුණෑගල හිටපු මහ ඇමැතිවරයකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල තනතුරක් දරන කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන බවද පැවසේ.