ඉදිරි පුංචි ඡන්දයට සජබ මුල්තැන එජාපයෙන් එන අයට


(දයාසීලි ලියනගේ)  

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ අයට ප්‍රමුඛතාව ලබාදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.  

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමට දැනටමත් අයැදුම්පත් කැඳවා ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.  


මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් ආසන සංවිධායකයෝ ඇතුල් කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයට කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.