ඉදිරි කප්පාදු නවත්වා ගන්න සාම්පූර් ඉදිකරන්න


විදුලි ඉංජිනේරු සංගමය

(උපුල් වික්‍රමසිංහ)   

තවත් වසර කීපයකින් විදුලිය අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා අත්හැර දමන ලද සාම්පූර් බලාගාරය හා නොරොච්චෝල අංක 04 ජනන ඒකකය වහා ඉදි කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ ලේකම් ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ දැන් පවතින විදුලිය අර්බුදයට හේතුව 2015-2035 ජනන සැලැසුමෙන් යෝජනා වූ මෙගාවොට් 500 ක විදුලියක් පද්ධතියට ලබා දෙන සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි නොකිරීම බවත් ඉන්දියාව සමග යළි සාකච්ඡා කර අදාළ බලාගාරය ඉදි කිරීමේ හැකියාව සොයා බැලීම වැදගත් බවත්ය.


මෙගා වොට් 300 ක ධාරිතාවකින් යුත් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ සිව්වැනි ඒකකය ඉදි කිරීම වත්මන් රජය මගින් ප්‍රතික්ෂේප කළ බව කී ඒ මහතා ගල් අඟුරු මගින් රුපියල් 10ත් 12ත් අතර අඩු මිලකට විදුලිය ඒකකයක් ජනනය කිරීමේ හැකියාව ගැන අවධානය යොමු කර කඩිනමින් එම ඒකකය ඉදි කිරීම සඳහා මුල පිරීම ද අතිශය වැදගත් බවත් සඳහන් කළේය.