ඇමෙරිකානු සමාගමකින් තෙල් සංස්ථාවට ඩොලර් කෝටි 250ක ණයක්


(අජන්ත කුමාර අගලකඩ)  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් කඩිනමින් ලබාගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.  

එම ණය මුදල ඇමෙරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්” නමැති මූල්‍ය ආයතනයෙන් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ.  


වසර දෙකක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල, ආපසු ගෙවීමේ කාලය වසර 12ක් වේ.  
සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබාගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  


ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 330ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.  
සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ කල් පිරී ඇති ණයවර ලිපි පියවීමට පවා මේ වනවිට නොහැකි වී ඇතැයි වාර්තා වේ.