ඇමැති නිල නිවසකට සබන් කෑල්ලත් රජයේ වියදමින්


ඇමැති සහ පළාත් සභා නිලධාරි ජල විදුලි බිල්පත් රජයෙන් ගෙවීම ගැන විගණන අනාවරණයක්

 

දයාසීලි ලියනගේ   

ඇමැතිවරුන් බොහෝමයකගේ නිල නිවසේ විදුලිබිල හා ජල බිල රජයෙන් ගෙවනු ලබන අතර පළාත් සභා ඉහළ නිලධාරීන් බොහෝ දෙනාගේ නිල නිවාසවල මෙම බිල් පළාත් සභා අරමුදල් වලින් ගෙවන බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. 

මෙම බිල් ගෙවීම සඳහා රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස විගණන අංශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඇමැතිවරුන් හා පළාත් සභා නිලධාරීන් පාවිච්චි කරන ජල බිල හා විදුලි බිල රජයේ මුදල්වලින් ගෙවීම නොගැළපෙන බව විගණන අංශ පෙන්වා දී ඇත. 

 
එක්තරා ඇමැතිවරයෙක් තම නිවසට අවශ්‍ය සබන් කෑල්ල පවා අමාත්‍යාංශ මුදල්වලින් ලබා ගන්නා බව වාර්තා වේ.   


පන්සල් ඇතුළු පූජනීය ස්ථානවල මෙම බිල් ගාස්තුව අඩු කිරීමට මෙතෙක් සූදානමක් නැතත්, මැති ඇමැතිවරුන්ගේ මෙම බිල්වල බර දැරීමට රජයට සිදුවී ඇත.