ආන්දෝලනාත්මක රජයේ ආයතනයක ලොක්කන් අටදෙනකුගේ වසරක පඩිනඩි කෝටි 11යි


වසරක පඩිනඩි කෝටි 11යි  

(දයාසීලි ලියනගේ)  

මහත් ආන්දෝලනයට පත්වී සිටින ආයතනයක සභාපතිවරයා හා ප්‍රධාන නිලධාරීන් අටදෙනකු වසරකට වැටුප් හා දීමනා වශයෙන් රුපියල් කෝටි 11 කට අධික මුදලක් ලබා ගන්නා බව වාර්තා වේ.  සිය ආයතනයෙන් නිකුත් කරනු ලබන පාරිභෝගික භාණ්ඩයෙන් බරපතළ ලෙසින් පාඩු ලබන බැවින් මිල ඉහළ දමන ලෙස දැඩි බලපෑම් කළ මෙම ආයතනයේ සභාපතිවරයාගේ මාසික වැටුප හා දීමනාව රුපියල් ලක්ෂ 13ක් බවද සඳහන් වේ.

එහි තවත් නිලධාරීන් 8 දෙනෙක් මාසිකව වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබන බවද දැනගන්නට ඇත.  


මෙම ආයතනය රජයේ විගණනයෙන් ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නීතිඥ සමාගමකට රුපියල් මිලියන 10ක් ගෙවා තිබූ බව සඳහන් වේ.