ආණ්ඩුවට උපදෙස් දෙන සභාවට ගෝල්ෆේස් අරගලයෙනුත් නියෝජිතයෙක්?


(දයාසීලි ලියනගේ)  

ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පත් කිරීමට යෝජිත විධායක සභාව සඳහා ගෝල්ෆේස් අරගල භූමියෙන් ද නියෝජිතයකු සහභාගි කර ගැනීමට යයි.

සිවිල් සමාජවලින් නියෝජිතයන් මෙම විධායක සභාවට පත්කර ගැනීමේ තීරණය යටතේ ගෝල්ෆේස් අරගල භූමියෙන් ද නියෝජිතයකු හෝ කීප දෙනෙක් සහභාගි කරවා ගැනීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


දැනටමත් ගෝල්ෆේස් අරගල පිටියෙන් මූලික කරුණු 8 ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන බව ද සඳහන් වේ.  


අමාත්‍ය මණ්ඩලය පත් කළ වහාම විධායක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුත්ත ප්‍රමුඛ ස්ථානයට ගෙන කටයුතු කරනු ඇතැයි ද සඳහන් වේ.