ආගමික ස්ථානවල විදුලි බිල අඩුකරන යෝජනාව ඉවතට


දයාසීලි ලියනගේ

ආගමික ස්ථානවල විදුලි බිල අඩුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.


ආගමික ස්ථානවල විදුලි බිල වැඩි කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 2ක වාර්ෂික ආදායමක් බලාපොරොත්තු විය.

මෙම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආගමික ප්‍රධානීන් දැඩි විරෝධය දැක්වූ අතර ඒ පිළිබඳව සලකා බැලූ මහජන උපයෝගිතා කොමිසම ආගමික ස්ථානවල ඒකක 180ක සඳහා බිල වැඩි කිරීමක් නොකළ යුතු බවට යෝජනා කළේය.   


මේ මාසයේ දළදා මාලිගාවේ විදුලි බිල රුපියල් ලක්ෂ 28ක් වී ඇති බව වාර්තා වේ.   


මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ බිල අඩුකිරීමේ යෝජනාව මගින් විදුලිය බල මණ්ඩලයට සිදු වන පාඩුව පියවා ගන්නා ආකාරය පිළිබඳව දැනුම් දෙන ලෙස මණ්ඩලය ඉල්ලා ඇත.