අස්වූ කැබිනට් ඇමතින්ගේ නිලවාහන තවමත් ගෙදර


(අජන්ත කුමාර අගලකඩ)

ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමැතිවරුන් වැඩි දෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි වාර්තා වේ. එපමණක් නොව, ඔවුන්ට ලබා දුන් ඇමැති ආරක්ෂාව ද තවමත් ඉවත් කර නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඇමැතිවරුන් වැඩි දෙනා රජයේ නිවාසවල තවමත් පදිංචිව සිටින අතර, ඔවුන්ට සියධූරය අහිමි වුවද, මාස දෙකක කාලයක් එහි රැඳී සිටීමට රජයේ අවසරය හිමි වේ. ඉකුත් දා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, හිටපු අමාත්‍යවරුන් 16 දෙනකුට පමණ ඇමති ධුර නොලැබුණු අතර, ඉන් වැඩිදෙනකු අමාත්‍ය ධුර භාර නොගන්නා බව ජනාධිපතිවරයා වෙත කලින්ම දැනුම් දී තිබිණි.