අසල්වැසියා මුණගැසීම


ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පළමු නිල සංචාරයට එක්විය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු එම තනතුරට පත්වීමෙන් පසුව පළමුවරට කෙරෙන නිල විදෙස් සංචාරය ඉන්දියාවට සිදු කිරීම සම්ප්‍රදායයි. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාද දෙදින තුළ සිදු කෙරුණු මෙම සංචාරය අතරතුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටටම වැදගත් වන ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබිණි.