අවුරුදු තුනකටම නොරොච්චෝලට ගල් අඟුරු ගේනවාට ඉංජිනේරු විරෝධය


දයාසීලි ලියනගේ

නොරොච්චෝල තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු වර්ෂයකට වරක් ලබා ගැනීම මෙතෙක් සිදු වුවත් බරපතළ මුදල් අර්බුදයක් පවතින මේ අවස්ථාවේ වසර තුනකට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට බලධාරීන් පියවර ගෙන ඇත. 

මෙම වැඩ පිළිවෙළ පිළිබඳව විරෝධය දක්වන විදුලි ඉංජිනේරු සංගමය එක් වසරකට ගල් අඟුරු ගෙන්වනවා වෙනුවට වසර 3ක කාලයකට ගල් අඟුරු ලබා ගැනීම සඳහා ගිවිසුම් ගතවීම නොකළ යුත්තක් බව සඳහන් කරයි. වසරකට ගල් අඟුරු මෙට්‍රික් ​ටොන් 40,000ක් රැගත් නැව් 40ක් නොරොච්චෝල තාප බලාගාරයට ගෙන්වන බව විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් කීය.   


ආනයන සඳහා ගෙවීමට මුදල් නොමැති අවස්ථාවක රට තවත් අසීරුවට පත් කරමින් වසර 3කට ගල් අඟුරු ගෙන්වීම නොකළයුතු බවද ඔවුහු පෙන්වා දෙති.