අලි පන්නන්න වසරකට කෝටි 28ක අලිවෙඩි


 

දයාසීලි ලියනගේ   

අලි වෙඩි ලබා ගැනීම සඳහා වසරකට රුපියල් කෝටි 28ක් වැය කරන බව වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටට අමතරව අලි වෙඩි යොදා ගනු ලබයි.

වසරකට අලි වෙඩි සඳහා රුපියල් කෝටි 28ක් වැය කරන බව ඇමැති මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවකදී වන ජීවී දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත.   
මේ කාලයේ අලි ගම්වැදීම ඉහළ මට්ටමින් පවතින බවද මෙහිදී පෙන්වාදී ඇත.   


යාල, නිමලව ගමට අලි වැදීම වැළැක්වීම සඳහා විදුලි කණු 107ක් හා විදුලි බැටරි 14ක් සවි කර තිබූ අතර විදුලි වැටට ගිනි තබා ඒ සියල්ල සොරකම් කර තිබෙන බවද මෙහිදී අනාවරණය වී ඇත.