අමාත්‍යාංශ වැඩට උදව් නොකරන ප්‍රධානීන් ඉවතට


(දයාසීලි ලියනගේ)  

අමාත්‍යාංශවල සංවර්ධන වැඩවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුඇමැතිවරුන්ට දැනුම් දී ඇත.  

මෙම ප්‍රධානීන් බො​හොමයක් සංචරණ සීමා යොදා ගනිමින් නිවසේ සිටින අතරම කිසිදු රාජකාරි කටයුත්තක් නොකරන බවටත් එහෙත් සියලු දීමනා නොඅඩුව ලබා ගන්නා බවටත් ඇමැතිවරුන් ගණනාවක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය.  


අදාළ පත්වීම් කරනු ලැබුවේ තමන් විසින් වුවත්, රටේ හා අමාත්‍යාංශයේ දියුණුවට සංවර්ධනයට ක්‍රියා නොකරන සියලු නිලධාරීන්ගේ තොරතුරු තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවද ඔහු කීය.  
ඒ සියලු නිලධාරීන් කෙතරම් සමීප හිතවතුන් වුවත් ඔවුන් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුස්සන් පත් කරනු ලබන බව ජනාධිපතිවරයා තරයේ ප්‍රකාශ කර සිටි බවද ඔහු සඳහන් කළේය.