අනුර අමූල් බලද්දී නාමල් අමූල්ට එරෙහි සටනක


ෂේන් සෙනෙවිරත්න 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර 28,802 ක් ඇතුළු වටිනා සම්පත් රැසක් ඉන්දියාවේ අමූල් සමාගමට කුණු කොල්ලයට වත්මන් රජය අලෙවි කිරීමට සූදානමි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක සහ කිරි කර්මාන්ත ගොවිබිම් සුරැකීමේ ජනතා සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

තවත් මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉඩම් ඇතුළු සියලු‍ දේපොළ නැවත පවරා ගැනීමට පියවර ගන්නා බව ද ඒ මහතා පවසයි.


ඒ මහතා එසේ පවසා සිටියේ එම ඉඩම් අලෙවියට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (08දා) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරට පාලකයන්ට තුට්ටු දෙකක් අතමිට මොළවා එම සම්පත් මිලදී ගන්නා අමූල් සමාගමට අනතුරු අඟවා සිටින බවයි.


නාමල් කරණාරත්න මහතා ඒ බව අවධාරණය කර සිටියේ ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී අමූල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වෙමින් සිටියදී වීම විශේෂත්වයකි.