අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක්


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට  සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වෙන්නේ යැයි පැවසෙන  හිංසනයන් සහ  අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ.


තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ බලපෑම් සිදුවෙන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ  චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව තමන්ට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. මේ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  එවැනි තත්ත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.


මේ අතර මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද  ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව එම සේවිකාවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.