අත්‍යවශ්‍ය කරුණකට හැර කොළඹට එන්න එපා


නගරයේම තත්ත්වය අවදානම්

කොළඹ නගරාධිපතිනිය

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

අත්‍යවශ්‍ය කාරණාවකට හෝ රාජකාරියට හැරෙන්නට කොළඹ නගරයට නොපැමිණෙන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.   

කොළඹ නගරය තුළ කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යන බවට සෞඛ්‍ය විශේෂඥයින් දැනුම් දී තිබේ.   


ජනතාව අරක්‍ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස ඇය ඉල්ලීමක් කාළාය.  


 දිනපතාම ආසාදිතයන් 3500 සීමාව ඉක්මවමින් වාර්තාවන අතර මරණ සංඛ්‍යාවද 200 සීමාව ඉක්මවා ගොස් ඇත.   


කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් 98% ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බවට සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබේ.   


ජනතාවගේ ආරක්‍ෂාව සඳහා හැකි තාක් කොළඹ නගරයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසද ඇය ඉල්ලා සිටියි.