අඩු වැටුප් නිසා 250 දෙනෙක් හෙද සේවය හැර ගිහින්


ඉන්දික හේවාවිතාරණ


ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මධ්‍යම රජයේ රෝහල්වල සේවය කළ හෙද නිලධාරීන්  හා නිලධාරිනියන් 250 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන බවත්, පළාත් රෝහල්වලින්ද යම් පිරිසක් ඉවත්ව ගොස් තිබෙන බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

මේ මස මුල් සති දෙක තුළදී පමණක් හෙද නිලධාරීන් හා නිලධාරිනියන් 80 ක් සේවයෙන් ඉවත් වී මැලේසියාවේ රුකියා සඳහා ගොස් තිබෙන බවත්, මෙම තත්වය වළක්වා ගැනීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී රෝහල්වල වාට්ටු පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරී තත්වයකට පත්වන බවත් එම සංගමයේ ලේකම් හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා හා පොරොන්දු වූ ආකාරයට නිල ඇඳුම් දීමනා ඉහළ නොදැමීම හා පොරොන්දු වූ ආකාරයට නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතරු දීමනා ලබා නොදීම නිසා සේවයේ නිරතව සිටින හෙද නිලධාරීන් හා නිලධාරිනියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් හෙතෙම පැවසීය.