අඩු ආදායම්ලාභීන්ට විදුලි බිලේ සහනයක් නෑ


මහා භාණ්ඩාගාරය දැනුම් දෙයි

දයාසීලි ලියනගේ

විදුලිය පරිභෝජනය කරනු ලබන අඩු ආදායම්ලාභීන් සඳහා සහන ගාස්තු ක්‍රමයක් ලබා දිය නොහැකි බව මහා භාණ්ඩාගාරය මගින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත.

විදුලි බිල වැඩි කිරීමට පෙර අඩු ආදායම්ලාභීන් සඳහා වර්ෂයකට රුපියල් බිලියන 65ක් වැය කරනවාද? යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම භාණ්ඩාගාරයෙන් විමසා තිබූ අතර භාණ්ඩාගාරය එය කළ නොහැකි බව දන්වා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 5.2 කින් ආදායම ඉහළ දැමීම සඳහා විදුලි ගාස්තු වැඩිකරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව කොමිසම රටේ ජනතාවගේ අදහස ද විමසා බලනු ලැබීය.   


මේ මාසයේ සිට විදුලිය ගාස්තුව වැඩිවීමට නියමිතව ඇති බව ද කොමිසම සඳහන් කරයි.