අගමැතිගේ එතෙර ගමනට ඥාතීන් සිව් දෙනකුත් ගිහින්


රටට සල්ලි නෑ:  

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර 

(දයාසීලි ලියනගේ)   

රට බරපතළ ලෙසින් ආර්ථික අර්බුදයකට පත්වී සිටින අවස්ථාවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරයට රාජපක්ෂ පවුලේ ළඟම ඥාතීන් සිව් දෙනෙකු ඇතුළුව පහළොස් දෙනෙකු ගෙන් පමණ සමන්විත පිරිසක් සහභාගි කරවා ගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.   

මේ අවස්ථාවේ අනවශ්‍ය වියදම් අඩු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදී මෙතරම් විශාල පිරිසක් ඉතාලි සංචාරය සඳහා යොදවා ගැනීම නොකර සිටිය යුතුව තිබූ බව ද ඔහු කීය.   


විශේෂයෙන් රටේ අග්‍රාමාත්‍යවරයා ජනතාවට ආදර්ශයක් ලබා දිය යුතුව ඇතැයි ද ඔහු කීය.   


ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරෝධය දැක්වීම රටට අපකීර්තියක් බවද ඒ මහතා කියයි.