අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්


සුජිත් හේවාජුලිගේ

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ සහ රාජ්‍ය බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.

ආර්ථික අඟහිඟකම් හේතුවෙන් බොහෝ නිවාසවල ස්වර්ණාභරණ සියල්ල විකුණා අවසන්ව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.


අඟහිඟකම් හේතුවෙන් විවිධ වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර කිහිපයේ දී   විකුණා දමා ඇති බව වාහන වෙළෙඳපොළ  ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන මිලදී ගැනීම සියයට අසූවකින් පමණ පහත බැස ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.


මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ බැකෝ, ජේසීබී ඇතුළු වාහන මෙන්ම ගොවිතැනට සම්බන්ධ වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ද පසුගිය වසර දෙකේ දී විකුණා දමා ඇත.