28 වැනිදා එක්දින වැඩවර්ජනයක්


(පද්මිණී මාතරගේ)   

රාජ්‍ය අංශ, අර්ධ රාජ්‍ය අංශ, වතු සමග පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එළඹෙන 28 වැනිදා රට පුරා දැවැන්ත එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇති බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත් මහජනතාවට අත්‍යවශ්‍ය ලෙස බලපාන ඇතැම් සේවාවන්වල වර්ජනය කිරීම්, මහජනතාවගේ පාර්ශ්වයේ සලකා බැලීම් සිදු නොකරන බවත් එම වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.   


ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට, අදාළ වැඩ වර්ජනය කරනවා වෙනුවට පැය දෙකක විරෝධතාවයක් පමණක් සීමා කරන අතර අනිත් වේලාවන්හි සෞඛ්‍ය සේවාවට අදාළ කටයුතු පවත්වා ගෙන යාමට සැලසුම් කර තිබේ.   


විදුලිය විසන්ධි කිරීම සිදු නොවන අතර කාර්යාලයීය සහ අනකුත් සේවා කටයුතු වලින් පමණක් ඉවත් වීමට තීරණය කර ඇත.   


මේ ආදී මහජනතාවට අත්‍යවශ්‍ය සේවා ජනතාවගේ පැත්තෙන් සැලකිල්ලට ගෙන යම් වෙනස්කම් සහිතව රට පුරා මෙම එක් දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සියලු‍‍ කටයුතු සූදානම් කර තිබෙන බව එම වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත චන්දන සූරියආරච්චි මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.