220 පාලන මිලට දෙන්නේ ශත 25 බද්දට රටින් ගෙනා හාල්


රටහාල් මහා පරිමාණල් හිමියන්ගේ අතේ

මුදිතා දයානන්ද 

මහා පරිමාණ මෝල් හිමියන් විසින් රුපියල් 220 පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ආණ්ඩුව ලබා දුන් බදු සහනය යටතේ සත විසිපහේ බද්දට ආනයනය කළ සහල් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

එමගින් එම මෝල් හිමියන් අධික ලාභයක් උපයන බවට ගොවි සංගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ චෝදනා කරති. 


හිටපු වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් පසුගිය වසරේ නොවැම්බර් වල දී සහල් ආනයනික බද්ද සත 25 දක්වා අඩු කළේය. ඒ නොවැම්බරයේ සිට ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදිය. 
ඒ අනුව පසුගිය නොවැම්බරයේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක් ආනයනය කර තිබේ. 


මෙසේ ආනයනය කළ සහල් වලින් වැඩිම ප්‍රමාණයක් ආනයනය කර තිබෙන්නේ මහා පරිමාණ මෝල් හිමියකු විසින් බව ද දැනගන්නට තිබේ. ඔහු එසේ සහල් ආනයනය කරන ලද්දේ තමන්ගේ සමීපතම මෝල් හිමියකුගේ වුවමනාවට ඔහු හා ඇතිකරගත් එකඟතාවකට අනුව බව ද පැවසේ. 


මෙම සහල් ආනයනය කර තිබෙන්නේ ඩොලරයේ අගය රුපියල් 203 සීමා වේ පැවති කාලයේ දී වන අතර එකල සහල් කිලෝවක ආනයනික මිල රුපියල් 90 කි. 


ඒ අනුව රුපියල් 90.25 ක් වැය කර ලබාගත් සහල් රුපියල් 220ට විකුණා ඔවුන් අධික ලාභ ලබන බවට බොහෝ දෙනා චෝදනා කරති.