2024 වසරේ සියයට 3 ක ආර්ථික වර්ධනයක්


චාමර සම්පත්

2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ධන වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැකි බවත්, එය බොහෝ විට සියයට3 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

බවත්, එසේ වුවද  තුන්වැනි කාර්තුවෙන් පසුව යළිත් එය පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
මේ වසරේ (2023) තුන් වැනි කාර්තුව වන විට ශ්‍රී ලංකාව සියයට 1.6 ක ආර්ථික වර්ධන වේගයක් අත්පත්කරගෙන ඇති බැවින් හතර වැනි කාර්තුවේදී එය සියයට2 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද,  ලබන වසරේදී එය තවදුරටත් වැඩිවනු ඇති බවට අපේක්ෂා කළ හැකි බවද ඒ මහතා කීවේය.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හරිස්චන්ද්‍ර මහතා,


“මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ධන වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා.  මේ වසරේ තුත්වැනි කාර්තුවේ  ආර්ථිකය සියයට1.6ක වර්ධන වේගයක් අත්පත්කරගෙන තිබෙනවා. හතර වැනි කාර්තුවේ දී ඒය තවත් වැඩිවෙනවා. 2024 වසර තුළත් ධන ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. 2023 වස‌රේ හතර වැනි කාර්තුවේ වර්ධන වේගය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ ගැන නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන්. කොහොම උනත්  2023 වසරේ හතර වන කාර්තුවේ සියයට 2 කට වැඩි ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව 2024 වසරේදී සියයට3 ට වඩා වැඩි වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව 2024 වර්ෂයේ සියයට 1.8 වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත්කර ගන්නා බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඔවුන්ගේ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබුණා .” යැයි පැවසීය.