(අකිල බද්දෙවිතාන)
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
උත්සව සමය නිමිත්තෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති අතර දුරගමන් සේවා සඳහා අමතර ලංගම බස් රථ 1200ක් යොදවා තිබේ.
මේ අතර විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. අප්‍රේල් 12 සහ 16 දිනවල පෙරවරු 11.30ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙළ දක්වා විශේෂ දුම්රියක් ද, අප්‍රේල් 13 හා 17 පෙරවරු 8.30ට බණ්ඩාරවෙළ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ද ධාවනය කෙරේ. අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සහ මරදාන සිට වේයන්ගොඩ සහ දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.
ඊට අමතරව කොළඹ කොටුව සහ යාපනය අතර අප්‍රේල් මස 12 සහ 17 විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් මහව, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ද අප්‍රේල් 17 වැනිදා තෙක් විශේෂ දුම්රිය යොදවා ඇතැයි ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.
පසුගිය 8 වැනිදා සිට ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන පහසුකම් අප්‍රේල් 25 වැනිදා තෙක් ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අතර උත්සව සමයේ දී මගීන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය මගින් ක්‍රියාත්මක කර ඇති අතරම බීමත් රියදුරන් සොයා වැටලීම් ද ක්‍රියාත්මක ය.