පුරාණ ආචාර්යවරුන්ගේ වැදගත් සටහන් අනුව වැඩගත් පැරැණි අපේ මුතුන් මිත්තන් ප්‍රථමයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ගවයන්ගෙන් වැඩ ගැනීම සඳහා නැකත් භාවිත කර තිබේ. එතැන් පටන් මිනිසාගේ උපතේ සිට මරණය නිවසින් පිටතට ගැනීම දක්වා නැකත් හෙවත් හොඳ වේලාවට වැඩ කිරීම ආරම්භ කර තිබේ.
මෙම හොඳ වෙලාව ගැන විනිශ්චය කිරීම සඳහා යමෙකු උපන් නැකත සමග කාර්යය සිදුකරන දිනට ඇති නැකතද ගැළපීම අනුව එම කාර්යයේ යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ජ්‍යොතිෂ්‍යය අනුව රවි දින, සඳු දින, කුජ දින වශයෙන් දින මාස නම්කර ඇති ලෙසට මාසද බක් වෙසක් පොෙසාන් යනුවෙන්ද නම්කර තිබේ.
සඳුගේ දුරස්වීම අනුව මාසේ පුර - අව වශයෙන් තිථිද නම් කර අැත. මෙයට අමතරව දවසේ රාහු කාලය දශවන දෝෂය වශයෙන්ද රික්තා, විෂ්ඨි, දශ්ද, මර, කාණ, උන්පාන, සංක්‍රාන්ති, අග්නිදෝෂ තුළ යනුවෙන්ද දවසේ අශුභ කොටස් ලෙස නම්කර ඇත.
දිනය නැකත හා තිථිය අනුව යෙදෙන ත්‍රිපුෂ්කර, ද්විපුෂ්කර යෝග නිසා බවභෝගවලින් හොඳ අස්වැන්නක් ලැබෙන නමුත් අශුභ ලෙස මෙම යෝගයන් නිසා කෙනෙකු මළ අවස්ථාව උදාවුවහොත් මරණ 01, 02, 03 දක්වා සිදුවන බවත් පුරාණ ආචාර්ය මතයයි. මේ බිය නිසා සමහරු කෙනෙකු මරණයට පත් මොහොත දෛවඥයෙකු කරා ගෙන ගොස් විමසීමට පුරුදුව සිටී. මේ අනුව ඇති අගුණයන් වෙතොත් ඒ සඳහා පිළියම් කිරීමටද නොපැකිලෙති. මේ නිසා ශුභ කටයුතු සාර්ථකව ප්‍රතිඵල බලාපොරොත්තු නම්, සියලු දෝෂයන්ගෙන් දුරු කළ නැකත් සාදා ගැනීමෙන් එය ඉටුකර ගත හැක. එය ලෙහෙසියෙන් කළ හැකි කාර්යයක් නොවේ. වර්තමානයේ ජීවත්වන අය තමාට අවැසි කටයුත්ත සඳහා නැකතක් යොදා ගැනීමේදී තමාට පහසු නිවාඩු මාස නැතිනම් දින, ගෙදර හැමෝම එකතුවුණ ඉරිදා වැනි දිනකට නැකැත් බලාෙපාරොත්තු වේ.
මේ නිසා නැකැත් සැදීමට නම් එහෙම ආවාට ගියාට කළ හැකි කටයුත්තක් ෙනාවේ. මේ ගැන තවමත් සමහරුන්ට නොවැටැහීම කනගාටුදායකය. ගෙදර පවුලේ සංඛ්‍යාව අනුව සැම දෙනාගේම කරුණු එ් නැකතට සිදුකරන්න කියා උපදෙස් දෙයි. මේ පවුලේ සංඛ්‍යාවේ කේන්ද්‍රවල බර අව කේන්ද්‍ර හිමියෙකු වෙතොත් ඔහුගේ ශුභ පල බලාපොරොත්තු විය හැකිද? නොහැකිය. කේන්ද්‍ර ගළපා දෙන දෛවඥයා මෙයට දොස් ඇසිය යුතුය. පොදු නැකැත් සඳහන් වී ඇතත් එය සීහුම් වන අනිත් නැකත් ඒ අසලම දක්වා ඇත.
එසේ නොමැතිව ආවාට ගියාට ඒ වැඩය පහසු නිසා ඵල උදාවිය හැක. තමාගේ උපන් නැකත ආශ්‍රයෙන් පිළියෙල කරන ලද නැකත්, කේන්ද්‍රයේ බලවත් ශුභ ග්‍රහයින්ගේ හෝරා ආදියත් මුහුර්ථය පවතින දවසේ හැටියට නියම අයුරින් පිළියෙල කොට තිබේ නම් ඒ නැකතේ බලය අතිඋතුම්ය.
නැකතේ බලය නිසි අයුරින් ලැබීමට නම් ඒ ඒ කටයුතු සඳහා සම්මත දින නැකත්, යෝග, නිසි, කරණ යන පංචාංගයන් සමගම කාර්ය සඳහා සුදුසු දවස්ම විය යුතුය. උදාහරණ වශයෙන් ශනි දින මහණ කිරීම වැනි දේ යෝග්‍යයි. මෙදින විවාහ සම්බන්ධ වැඩට කිසිසේත්ම සුදුසු නැත. විවෘත කිරීම් වැනි කටයුතු සඳහා සෙනසුරාදා, අඟහරුවාදා වැනි දින අශුභයි.
නමුත් වෙහෙර විහාර වැනි පොදු පූජනීය ස්ථාන සම්බන්ධ කටයුතුවලට නම් සුදුසුය. විවාහ ආදි කටයුතු සඳහා සඳුදා, සිකුරාදා යෝග්‍යය. මෙලෙස අවශ්‍යය කටයුතු සඳහා දෝෂයන්ගෙන් දුරු යහපත් ප්‍රතිඵල ගෙන දේ. අඩුපාඩු ඇතිනම් එහි ප්‍රතිඵල හීන බව පැහැදිලිව කිව හැක.
කොත්මලේ
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි
අටබාගේ - ගම්පොළ