චීනය සහ ලෝකය යාකළ
සේද මාවතේ
කතාව-3
අද කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමයක් පැවැතුණද චීනය යනු වසර දහස් ගණනක් තිස්ෙස් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. පළමු බෞද්ධ ධර්ම දූතයා ටිබැටයේ සිට ගන්ෂු පළාතේ සැන්වෙයි කඳුකරය කරා පැමිණීමෙන් පසු ගෝබි කාන්තාරය බද ගම්බිම් කරාත් එතැනින් චීනයේ ඈත පළාත් කරාත් බුදුදහම පැතිර ගියේය. භාරතයේ සිට පැමිණි ලුසුන් හිමියන්ගේ මාර්ගයෙන් චීනයට ලැබුණු බුදුදහම සුරැකී පවතින ගල් ගුහා, දාගැබ් විශාල ප්‍රමාණයක් භූගෝලීය වශයෙන් මධ්‍යම ආසියාවට අයත් චීනයේ දකුණු දිග පෙදෙසේ ගන්ෂු තැනිතලාවේ අද ද ඉතිරිව ඇත.
චීනයේ සිට භාරතය කරාත් එතැන් සිට තුර්කිය කරාත් විහිදුණු වෙළෙඳ සේද මාවෙත් භාරතය දක්වා විහිදුණු මුළු භූමි ප්‍රදේශයම එකල පැවතුණේ බෞද්ධ රජවරුන්ගේ ආධිපත්‍යය යටතේය. හිමාලය ආශ්‍රිත ගාන්ධාරයත්, කුෂාන් රජවරුන් යටතේ තිබූ ඇෆ්ගනිස්ථානයත් බෞද්ධ ප්‍රදේශ විය. නූතනයේ පාකිස්තානය ලෙස හැඳින්වෙන්නේ පැරණි ගාන්ධාරයට අයත් කොටසකි. මේ නිසා බෞද්ධ හිමිවරු බියක් සැකක් නැතිව චීනයේ දකුණු දිග තැනිතලාවට ධර්ම ප්‍රචාරණයේ යෙදුනහ.
එදා බුදු දහම තුර්කිය දක්වාම පැතිර තිබූ බවට සාධක තිබේ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ හෙලනික රාජධානිය ලෙස හැඳින්වූ ඇෆ්ගනිස්ථාන පර්සියානු (ඉරාන) දේශ සීමා කරා බුදු දහමේ ආලෝකය වැටී තිබුණේය.
ආගමක් තවත් රටකට ගෙනයෑමේදී සිදුවන්නේ සංස්කෘතික හුවමාරුවකි. අශෝක අධිරාජයා එවකට භාරතයේ පැවැති ජනප්‍රියම ආගම රටවල් කිහිපයකට යැවූ අවස්ථාවේදී සිදුවුනේ ද මෙම සංස්කෘතික හුවමාරුවය. ඔහුගේ දියණිය සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලක්දිවට එවූ අවස්ථාවේ අටළොස් (18) කුලයක වෘත්තිකයන් පිරිසක් ද එවූයේ ජය ශ්‍රී මහා බෝධියේ වතාවත් පිණිසය. එය සංස්කෘතික හුවමාරුවක් ද විය. එවැනිම සංස්කෘතික හුවමාරුවක් චීනයට පැමිණි බුද්ධාගම සමගද සිදුවිය. එය සිදුවූයේ සිතුවම් සහ බුදුපිළිම සමගය.
භාරතය සහ ටිබෙටයේ සිට දකුණු දිග චීනයේ ගන්ෂු පළාතට පැමිණි බුදුදහම එම ප්‍රදේශයේ ජනතාවට විශාල රැකවරණයක් උදා කළේ ඈත මොංගෝලියාව සහ රුසියානු ස්ටේප්ස් භූමිවල සිට කොල්ලකාර ආක්‍රමණිකයන්ගෙන් නිරතුරුව සිදුවූ ප්‍රහාර නිසාය. අලුත් ආගම දකුණු දිග චීන ජනතාව ඒකරාශි කිරීමට සමත් විය. ප්‍රාදේශීය රජවරු හැන් අධිරාජයා යටතට එක්රැස් කිරීමට අලුත් ආගම සමත්විය. ක්‍රිස්තු වර්ෂ පළමු සහ දෙවැනි සියවස්වලදී චීනය කරා විටින් විට පැමිණි බෞද්ධ හිමිවරු අද මොගාවෝ ගුහා යනුවෙන් හැඳින්වෙන ගල්ගුහා තුළ බෞද්ධ බිතුසිතුවම් ඇඳීමටත් බුදු පිළිම නෙළීමටත් පටන්ගත්හ.
ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස වන විට කුෂාන් රාජ වංශයේ කනිෂ්ක රජතුමාගේ බලය මධ්‍යම ආසියාව දක්වාම විහිදී තිබිණි. ඔහුගේ රාජධානිය පිහිටුවා තිබුණේ පුරුෂපුරය ලෙස එදා හැඳින්වූ වර්තමාන පාකිස්තානයට අයත් පෙෂාවෝර් නගරයේය. ඔහු බුද්ධාගම වෙනුවෙන් බොහෝ ඉදිකිරීම් කළ රජකු ලෙස ප්‍රකටය. මධ්‍යම ආසියාව දක්වාම රාජ්‍ය අල්ලාගත් ඔහු කෂ්ගාර්, ඛෝටාන් සහ යාර්කන්ද් ලෙස ප්‍රකටව තිබූ නගර ජයගෙන අද චීනයට අයත් ෂින්ජියෑන් ප්‍රාන්තය දක්වාම තම රාජධානියට ඈඳා ගත්තේය. ඒ හැම ප්‍රදේශයකම බෞද්ධ විහාරාරාම සිය ගණනින් ඉදිකෙරුණි. මෙම ප්‍රදේශය දිගේ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෝ චීනයේ එවක අගනුවර වූ ලෝයෑං සහ නැන්කිං නගර දක්වාම තම ධර්ම ප්‍රචාරයේ යෙදුණහ. එය සංස්කෘතික හුවමාරුවක්ද විය. භාරත බිතුසිතුවම් කලාව සහ ප්‍රතිමා ශිල්පය ලෝයෑං සහ නැන්කිං නගර දක්වාම ගෙනගිය මේ යුගය ක්‍රිස්තු වර්ෂ 2 වැනි ශතවර්ෂය විය. චීන හිමිවරු භාරතයට ගොස් බෞද්ධ පතපොත චීන භාෂාවට පෙරලාගෙන ආහ. හීනයාන සහ මහායාන ග්‍රන්ථ 37 ක් මෙකල චීන භාෂාවට නැගුණු බව ගණන් බලා තිබේ.
අප මුලදී කීවාක් මෙන් සැන්වෙයි කඳුකරයේ බෞද්ධ ගුහා කරා තව තවත් සිතුවම් නිර්මාණ ශිල්පීන්ගේ පැමිණීම සිදුවූයේ ද ඒ කාලයේය. එකල ඇඳි බොහෝ සිතුවම් භාරත භික්ෂූන්ට හුරු හැඩරුව දක්වයි. බොහෝ සිතුවම්වල සිරුරු දක්වා ඇත්ෙත් ධවල වර්ණයෙන් නොව අඳුරු පැහැයෙනි. ඔවුන්ගේ මුහුණුද භාරතීය ලක්ෂණ සටහන් කරයි.
ක්‍රිස්තු වර්ෂ 148 දී මුල්ම බෞද්ධ ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කළ බව කියන්නේ රජකුමරුවකුව සිට පැවිදි දිවියට පත් ෂයිගාවෝ හිමිනමය.
4 වැනි සියවසේදී චීන හිමිවරු නිවැරැදි බුදුදහම සොයා ගැනීම සඳහා භාරතයට ගියහ. එම ගමනට හේතුවන්නට ඇත්තේ තව තවත් බෞද්ධ ග්‍රන්ථ සොයාගෙන එන ලෙස රජවරුන්ගෙන් ආ බලපෑමයි. පාහියන්ගේ ගමන අපි ඉකුත් දිනක සටහන් කළෙමු.
පස්වැනි හා හයවැනි ශතවර්ෂවලදී සේද මාවතේ වෙළෙඳ කටයුතු උත්කර්ෂයට පත්ව තිබිණි. චීනයේ පෝසිලේන් පබළු ආදී වෙළෙඳ බඩු ලෝකයෙන් අඩකට වඩා රටවලට ගෙන යන ලදී. සීගිරිය උද්‍යානයේ තිබී චීන පබළු සොයාගෙන ඇත. සේද මාවෙත් වෙළෙඳාම සහ බුදු දහම එකට බැඳී පැවතුණි. එය චීන බුදු දහමේ ආශ්චර්යවත් යුගය විය. දකුණු චීනයේ බොහෝ ප්‍රදේශවල වෙහෙර විහාර ඉදිවුණේ මේ කාලයේය. එහෙත් ඒ සියල්ලට නැවතීමේ තිත වැටුණේ ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී නැගී ආ ඉස්ලාම් ආක්‍රමණ නිසාය. කණිෂ්ක රජුගේ අනුග්‍රහයෙන් බැබලුණු බෞද්ධ රාජ්‍යය වූ කන්දහාර හා පෙෂාවෝර් නගරවල සිය ගණන් භික්ෂූන් වහන්සේලා ඉස්ලාම් ආක්‍රමණිකයන් අතින් මැරී වැටුණාහ. මෙම ආක්‍රමණය සුළිසුළඟක් සේ දකුණු චීනයටද හමා ගිෙයන් එහි බෞද්ධ වෙහෙර විහාර පාළුවී ගියේය. යළිත් 12 වැනි සියවසේදී ප්‍රතිසංස්කරණය කෙරෙන තෙක් සියවස් පහක කාලයක් මුස්ලිම් ආක්‍රමණ නිසා මෙම ප්‍රදේශ වල්බිහිව පැවතුණි. එක දිගට පැතිර තිබූ බෞද්ධ රාජධානි සමහරක් මුස්ලිම් රාජ්‍ය ලෙසද සමහරක් ස්වාධීන බෞද්ධ රාජ්‍ය ලෙසද හුදකලා විය. මධ්‍යම ආසියානු බෞද්ධ රාජධානි රැකගන්නට භාරතීය රජවරුන්ටද නුපුළුවන් වූයේ ඔවුන්ෙග් රාජධානිද ඉස්ලාම් ආක්‍රමණිකයන්ට බිලිවූ නිසාය.
තන්ත්‍රයානය හෙවත් වජ්‍රයානය ලෙස හැඳින්වෙන මහායාන බෞද්ධ නිකාය 7 වැනි සියවසේදී පමණ සැන්වෙයි කඳු ප්‍රදේශයට පැමිණ තිබේ. එය ටිබෙටයේ තිබූ බුද්ධාගමේ තවත් බෙදීයාමකි.
පිරිසිදු බුදු දහම සොයාගෙන චීනයේ සිට භාරතය කරා වර්ෂ 1300 කට පෙර හියුංසියාන් හිමියන් පැමිණියේ දකුණු චීනයේ ගන්ෂු පළාතෙන් ඇරඹි භාරතය කරා වැටී තිබූ පුරාණ සේද මාවත ඔස්සේය. වෙළෙඳ තවලම් ගමන්ගත් මෙම සේද මාවත එකල සංස්කෘතික හුවමාරුවක් ද විය. චීනයේ සිට වෙළඳ බඩු සමඟ චීන සංස්කෘතිය භාරතය කරාත් භාරතයේ සිට ආපසු ගමනේදී භාරතීය සංස්කෘතිය චීනය කරාත් හුවමාරුවූයේ මෙම වෙළෙඳ මග ඔස්සේය. වසර 1300 කට පෙර හියුංසියාන් හිමියන් ලියූ තම ගමන් විස්තරයේ තමා පසුකළ ගම්බිම් ගැනත් එහි භූවිෂමතාව ගැනත් සුවිශාල විස්තරයක් අඩංගු වේ. බෞද්ධයා මහත් පූජනීයත්වයෙන් සළකන සිදුහත් කුමරා උපන් ශාක්‍ය ජනපදය, මගධ රට, ජේතවන විහාරය, බුද්ධගයා හා මිගදාය ආදී ස්ථානවල එවකට තිබූ තත්ත්වය මෙම ගමන් විස්තරයෙන් විස්තර කෙෙරයි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේට සම්බන්ධ පූජනීය ස්ථාන සම්බන්ධයෙන් මෙම චීන භික්ෂූන්වහන්සේගේ ගමන් විස්තරයෙන් ලැබෙන තොරතුරුවලට සම කළ හැකි විස්තරයක් වෙනත් කිසිම මූලාශ්‍රයකින් නොලැබේ. ඒ අනුව හියුංසියාන් ආදී චීන භික්ෂූන්ගේ භාරතීය ගමන් බෞද්ධයාට ඉතිරි වූ මහඟු සම්පතකි. තමා පසුකළ ගම්බිම්වල මිදි, පෙයාර්ස්, දෙළුම් ආදී පලතුරු වැවෙන බවද වී සහ තිරිඟු යන ධාන්‍ය වගාකර තිබූ බවද රන්, රිදී, තඹ, යකඩ, ඊයම් ඇතුළු ලෝහ වර්ග ලැබෙන බවද එහි සඳහන් වේ. චීනයේ ගන්ෂු පළාත මෙම සියලු දෙයින්ම පොහොසත්ය. ගන්ෂු පළාතේ වූවෙයි නගරය ආසන්න ප්‍රදේශය තඹ, යකඩ, ටින්, ඊයම් ආදී ලෝහ වර්ගවලින් පිරුණු කඳුවලින් පිරී තිබේ. මෙම ලෝහ නිස්සාරණය කර ආර්ථිකමය වටිනාකම් ලබා ගැනීම් 1956 දී පටන් වේගවත්ව සිදුවෙයි. ඒ අනුව හියුංසියාන් හිමියන්ගේ ගමන් විස්තරයේ සඳහන් දෑ නිවැරැදි බව පිළිගැනීමට හැකිය.
මොගාවෝ ගුහාවක ඇති එක් චිත්‍රයක් සංස්කෘතික මිශ්‍රවීමේ අපූරු ආදර්ශයකි. එහි භික්ෂූන් වහන්සේලා දෙනමකගේ රූප ඇත. එක් භික්ෂුවකෙග් ඇස් නිල් පැහැතිය. හිසකෙස් රතුය. මුහුණ රෞද්‍ර ලක්ෂණ පෙන්වයි. අනෙක් භික්ෂුවගේ ඇස් නිල් පැහැ වුවත් හිසකෙස් කොටට කපා ඇත. උන්වහන්සේගේ මුහුණ සියුමැලිය. මෙම සිතුවම 8 හෝ 9 සියවස්වලට අයත් බව සැලකේ.
මෙයින් නිල් ඇස් ඇති රතු හිසකෙස් ඇති භික්ෂුව රුසියානු කොෙක්සස් ප්‍රදේශයට අයත් බවද අනෙක් භික්ෂුව පැරණි පර්සියානු (ඉරාන) ජනයාගේ ලක්ෂණ පෙන්වන බවද නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.
මොගාවෝ ගුහා සංකීර්ණයෙන් නික්ම යා යුතු වෙලාවද එලැඹ තිබේ. එය සිතට මහත් දුකක් ගෙන දෙන්නකි. අප සමඟ සිටි අනෙක් මිතුරන්ට වඩා අපට එය සිතට දුකක් වන්නේ මෙවැනි බිතුසිතුවම් සිය ගණනක්, මෙවැනි ප්‍රතිමා සිය ගණනක් ඇති පුරාවිද්‍යාත්මක භූමියක් අප මාතෘ භූමියේවත් නොමැති නිසාය. විවිධ ආගමික ආක්‍රමණිකයන්ගේ හිරිහැර මැද මෙම ගුහාවල බෞද්ධ සිතුවම් නිර්මාණය කළ හිමිවරුන් සහ ඒවාට අනුග්‍රහය දුන් රජවරුන්ටත් සිත පුරා ස්තූති කළ මම එක් චිත්‍රයක් දෙස අවසන්වරට ද බලා සිටියෙමි. 332 වැනි ගුහාවේ නිරූපිත එය නම්කර ඇත්තේ ‘වන් බුද්ධා ඇන්ඩ් ෆිෆ්ටි බෝධිසත්ව යනුවෙනි.’ මහායානයේ සඳහන් වන අමිතාභ බුදුන් බෝධිසත්වවරුන් පනහක් පිරිවරාගෙන ශාඛ්‍ය මුණින්ද්‍රයන්ගේ සිරුර දෙස බලාගෙන භාවනා කරන අන්දම එහි දැක්වේ. එය පිරිනිවන් මංචකයයි. ඒ අසලම මහා පරිනිර්වාණ සූත්‍රය දේශනා කරන බුදුහිමියන්ගේ සිතුවමක් ද ඇත. එම ගුහාවට ගුහා දෙකකට ඈතින් පිරිනිවන් මංචකයේ සිටින බුදුහිමියන්ෙග් දැවැන්ත පිළිමයකි. එම පිළිමය වසර දහසක් පැරණි වුවත් සිදුවී ඇති හානි අල්පය. පිළිමයට දෑත් එක්කර වැඳ අපි ගුහාවෙන් පිටතට පැමිණියෙමු.
කුමාරජීව ආරාමය
කුමාරජීව ආරාම යනු දකුණු දිග චීනයේ ඇති තවත් ආරාම කිහිපයකි. ක්‍රිස්තු වර්ෂ 401 දී භාරතයේ සිට චීනයට ආ බව කියන කුමාරජීව හිමියන් කුඩා බෞද්ධ රාජ්‍යයක් වූ ‘‘කුච්’’ දේශයේ විසූ හිමිනමකි. ඔහු වසර ගණනක් එරට සිරගතව සිටියේය. ක්‍රිස්තු වර්ෂ 401 දී සිරභාරයෙන් නිදහස් වූ කුමාරජීව හිමියෝ බෞද්ධ ප්‍රදේශයක් වූ දකුණු චීනයට පලා ගියහ. ඔහුගේ ධර්මය මහත් භක්තියෙන් වැළඳගත් දකුණු දිග ජනයා ‘මාස්ටර්’ යන අරුතින් උන්වහන්සේට ගෞරව කළහ. යාඕ ෂිං අධිරාජයා තම ප්‍රදේශයේ බෞද්ධ මහානායක හිමියන් බවට කුමාරජීව හිමියන්ට තනතුරක් ලබාදී ගෞරව කළේය. කුමාරජීව යනු චීන බෞද්ධාගම ස්ථාවර කිරීම සඳහා විප්ලවීය වෙනසක් කළ හිමිනමකි. උන්වහන්ෙස් භාරතීය ධර්ම ග්‍රන්ථ චීන භාෂාවට පෙරළා විශාල සේවයක් කළ බව පිළිගැනීමයි.
කුමාරජීව හිමියන් වෙනුවෙන් වෙන්වූ විහාරාරාම කිහිපයක් අද ද දකුණු දිග චීනයේ වෙයි. ඩූන්හැං නගරයේ ඇති කුමාරජීව ආරාමය අතිශය දර්ශනීය ගොඩනැගිලිවලින් යුතුය. මහායාන ආරාමයක් වන මෙහි මහායානික බුදුවරයකු වන අමිතාභ බුදුන්ගේ දැවැන්ත පිළිමයක් ද මහාකාරුණික ගෞතම බුදුරදුන්ගේ දැවැන්ත පිළිමයක් ද වෙයි.
ශාක්‍ය පණ්ඩිත පැගෝඩා
ශාක්‍ය පණ්ඩිත පැගෝඩාව දකුණු දිග චීනයේ ගන්ෂු පළාතේ තවත් බෞද්ධ ආරාම සංකීර්ණයකි. බෞද්ධ ස්තූප 108 ක් මෙහි තිබේ. මෙම ස්තූපද ඇතුළත් ප්‍රදේශය බයිටා ටෙම්පල් යන අරුතින්ද හැඳින්වේ. චීනයේ 1927 දී සිදුවූ මහා භූමිකම්පාවෙන් මෙහි ස්තූප විනාශ වූ හෙයින් අද ඇත්තේ ප්‍රතිසංස්කරණය කළ ස්තූපය. සංචාරකයන් ලක්ෂ 3 ක් වසරකදී මෙම ස්තූප නැරඹීමට එන බව ගණන් බලා තිබේ. මොංගෝලියානු ජාතික ගෝටාන් කුමරා සහ ටිබෙට් ජනතා නායක ශාක්‍ය පණ්‍ඩිත ගොන්ගර් ගිච්මන් අතර හමුවීම සිහිකරමින් ක්‍රිස්තු වර්ෂ 1247 දී මෙම දාගැබ් 108 ඉදිකර තිබේ.
සටහන සහ ඡායාරූප
ප්‍රේමකීර්ති රණතුංග