ජීවිතය කියන්නේ අපිට අවශ්‍ය විදිහට සැලසුම් කරගන්න පුලුවන් දෙයක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒක එහෙමයි කියලා ඔප්පු කළ සහ පැමිණි අභියෝග සතුටින් භාරගෙන - Modeling Field එකේ ජයග්‍රාහී ඉම් රැසක් ද පසුකරමින් තව තවත් ඉදිරියට යන තරුණයෙකු පිළිබඳවයි අද අපේ කතා බහ. ඔහු නමින් සඳුන් ප්‍රභාත්.
ප්‍ර මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කළොත්?
මම සඳුන් ප්‍රභාත්. වයස 24යි. මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයේ U/B වන්නිනායක ජාතික පාසලෙන් O/L වෙනකම් ඉගෙන ගත්තා. A/L වලට තඹුත්තේගම Central Collage එකට ගියා. ඒ වගේම මම 2022 උසස් අධ්‍යාපනයට NSBM හරිත සරසවියට ඇතුලු වුණා. මම ඒ කැම්පස් එකේ Software Engineer ඩිග්‍රියක් කරන තුන්වන වසරේ ශිෂ්‍යයෙක්.
ප්‍ර පුංචි කාලේ හැමෝටම හීනයක් තියෙනවනේ. ඔයාට මොන වගේ හීනයක්ද තිබුණේ?
ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම මට ලොකූ හීනයක් තිබුණා. මම සහ මගේ අම්මා තාත්තා දුක් වින්දා ගොඩක්. මම අද ඉන්න තැනට එන්න නොකරපු දෙයක් නෑ. මම පටන් ගත්තේ බිංදුවෙන්. මුල් කාලේ ඉඳන් අධ්‍යාපනය, මුදල් සහ ජනප්‍රියත්වය කියන තුනම මගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න ඕනෑ කියන තැන තමයි මම හිටියේ. ඒකෙ පළවෙනි පියවර වුණේ මගේ අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න එක. ඒක මම කරන ගමන් ඉන්නේ. අනිත් දේ තමයි මුදල්. මම අනාගතේ සැප විඳින විදිහ, හම්බකරන විදිහ ගැන හීන දැක්ක කෙනෙක්. ඉතින් ඒ වෙනුවෙන් මම ව්‍යාපාරයක් කරගෙන යනවා. අනිත් දේ තමයි ප්‍රසිද්ධිය. මම ගොඩක්ම ආස කරපු දෙයක් තමයි ලංකාවේ තරු අතරට එන්න ඕනෑ කියන දේ. ඉතින් ඒ වෙනුවෙන් මම අදටත් වැඩ කරනවා. මම දකින විදිහට මම ජීවිතේ සාර්ථක වෙන්නේ මේ Category තුනම දිනාගත්ත දවසට. ඉතින් දැන් මම Modeling Field එකට ඇවිත් තියෙනවා.
ප්‍ර කෙනෙක්ට පෙනුම කොච්චර වැදගත් වෙනවද?
රූපය කියන්නේ හැමෝටම ආවේණික දෙයක්. ඉතින් තමන් දැනගන්න ඕනෑ තමන්ගේ රූපය Define කරගන්න. අඩුපාඩු හදාගන්න. ඒ දේවල් හදා ගත්තොත් අපේ රූපයේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මොකද මම 2016 සමාන්‍ය පෙළ කළා. 2019 උසස් පෙළ කරන්න ගියා. ඒ කාලේ මම ගොඩාක් මහත නැත්නම් තරබාරු දේහ විලාශයක් දැරූ අයෙක්. 2022 වගේ වෙනකොට විධිමත් උපදෙස් සහිතව ආහාර රටා සකස් කරගෙන ,ව්‍යායාම් ද හරහා මම මගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. ඒකට යොමු වෙන්න ලොකු පෙලඹුමක් වුණා පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්. 2020 දී පමණ එක පුද්ගලයෙක් මාව එක තැනකදි ප්‍රතික්ෂේප කළා. ඔයාගේ හැටි බලන්න කියලා. ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මම ගොඩක් මානසිකව වැටුණා. ඊටපස්සේ මම හිතුවා කවදාහරි මම මගේ රූපය හදාගන්න ඕනෑ කියලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මම මගේ රූපය සම්පූර්ණයෙන් හදාගත්තා. ඇග, සම Maintain කළා. මම ඒ විදිහට හිටපු රූපෙට වඩා හොඳ විදිහට වෙනස් වෙන්න ගත්තා. ඉතින් මම කියන්නේ තමන්ට තමන්ගේ වටිනාකම තේරෙන්න ඕනෑ. තමන් ලස්සන විදිහට හිටියොත් තමන් කඩවසම් විදිහට හිටියොත් තව කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න, තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
ප්‍ර ඔබ ඔබට දෙන අභියෝගවලට නොබියව මුහුණ දෙන කෙනෙක් කිව්වොත් නිවැරදිද?
මට ඉපදුණ දවසේ ඉඳලා තියෙන්නේ අභියෝග. අපි හැමෝටම ඒක පොදුයි. අපිට හැමදාම ප්‍රශ්න තියෙනවා. සමහර කට්ටිය ඒ ප්‍රශ්නවලින් වැටෙනවා. සමහර කට්ටිය නැගිටිනවා. ඒ හැම දේකටම මුල වෙන්නේ තමන්ගේ මානසික මට්ටම. මම කියන්නේ අපි හැම වෙලාවෙම පොසිටිව් විදිහට හිතන්න ඕනෑ. පාසල් යන කාලෙ ඉඳලාම මාව ප්‍රතික්ෂේපවීම් තමයි සිද්ධ වුණේ. ඉතින් ඒ හැම ප්‍රතික්ෂේපවීමකදී ම මම නැවත නැගිට්ටා. පසු බැස්සේ නෑ. සරසවියේ ඉන්න කාලෙත් මට ගොඩක් ගැටලු ආවා. ඒ හැම වෙලාවෙදිම මම තවත් ශක්තිමත් වුණා. ඒ වගේම 2024 දි මම ලොකු සමාජ මාධ්‍ය ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. ඒක තමයි මට ආපු ලොකුම අභියෝගය. මුළු රටක්ම ඒකෙදි මට විරෝධය පෑවා. ඒ වෙලාවෙ දි මට ඒක ලොකු බලපෑමක් වුණා. ඉතින් ඒ ගල් ගහපු මිනිස්සුන්ගේ ගල් එකතු කරලා මම මාළිගාවක් හැදුවා. ඉතින් අද වෙද්දී මම Ranping Model කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න මම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න විදිහ, විසඳගත්ත විදිහ හේතු වුණා. ඉතින් තමන් තමන් කවුද කියලා හඳුනගන්න ඕනෑ.
ප්‍ර ඔබ මේ වෙද්දී ලබාගෙන තිබෙන Achievement මොනවද?
මම 2023 තමයි Modeling Field එකට එන්නේ. 2024 දි CIB Fashion Show එකේ මට Ranping කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක ලැබුණේ මම ඉගෙන ගත්ත Modeling පන්තිය හරහා. ඉතින් මේ Show එකේ ප්‍රධාන මොඩ්ල්ස්ලා 10 අතරට තේරෙන්න මට හැකි වුණා. ඒ වගේම මම මේ වෙද්දි Modeling Fielding Judge Board කිහිපයක කටයතු කරනවා. Clothing Bands කිහිපයක මම වැඩ කරනවා. ඒ වගේම 2025 තිබුණ Y FM Fashion show එකේ Ranping කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම 2025 Waters Edge එකේ තිබුණ Fashion Show එකේ Best Costume එක්ක මට Ranping කරන්න එතන Flat Form එක හැදුනා. මේ වගේ Modeling Field එකේ Achievement ලබාගෙන තිබෙනවා. ඊට අමතරව මගේ Life එක පැත්තින් මගේ අධ්‍යාපනය වැදගත්. ඉතින් උපාධිය ලබාගන්න අවශ්‍ය වැඩ කටයතු කරමින් ඉන්නවා.
ප්‍ර ඔබට මේ වැඩ කටයතු කරන්න පිටිපස්සේ ඉදන් හයියක් වුණ අය ඇති. ඒ ගැන මතක් කළොත්?
මගේ හැම වැඩ කටයුත්තකටම හෙවණැල්ලක් වගේ සහය වෙන්නේ මගේ අම්මයි තාත්තයි. ඊට අමතරව Modeling Class එකේ රුක්මාල් සේනානායක තමයි මගේ පළවෙනි සහ දැනටත් ඉන්න ගුරුවරයා. මේ සර් ගෙන් තමයි මම Modeling Field එකේ හැම දේම ඉගෙන ගත්තේ. මට ආපු ප්‍රශ්න හැම දේදිම මගේ පිටිපස්සෙන් හිටියේ සර්. මම මේ ක්ෂේත්‍රයේ කරන වැඩ කටයුතු හැමදේදිම උදව් කළේ ඒ සර් තමයි.
ප්‍ර තරුණයෙක් විදිහට සහ ලැබෙන හැම අභියෝගයක්ම සතුටින් භාරගන්න කෙනෙක් විදිහට සමාජයට මොන වගේ පණිවිඩයක් ද දෙන්න තියෙන්නේ?
මම කියන්නේ කිසිම ප්‍රශ්නෙකදි වැටෙන්න හොඳ නැහැ. තමන් ගැන ආත්ම විශ්වාසය තියාගන්න ඕනෑ. තමන්ගේ අරමුණ සාර්ථක වෙනකම් ඒක ප්‍රධාන කරගන්න. කන්ද නගින්න පල්ලම ගැන හිතන්නේ නැතුව.
සුදර්ශනි කෝණාර