නව වසරක් උදා විය. එය පෘථිවියට පමණක් නොව මුළු විශ්වයටම බලපාන අන්දමේ දෙයකි. මේ වසරේ පළමු චන්ද්‍රග‍්‍රහණය මෙම මස 31 වෙනිදා ඇති වේ. මාසයේ දෙවෙනි පූර්ණ චන්ද්‍රයා එදිනට පායන අතර එම චන්ද්‍රයා හඳුන්වන්නේ ‘බ්ලූ මූන්’ ලෙසිනි. මාසයක දෙවෙනි පූර්ණ චන්ද්‍රයා සමඟින් පූර්ණ චන්ද්රග්රහණයක් ඇති වීම වසර 150කට පමණ පසුව සිදුවන සිදුවීමක් බව නාසා ආයතනය පවසයි.
ජනවාරි 31 දා මධ්‍යම රාත්‍රියේදී පූර්ණ චන්ද්‍රග‍්‍රහණය ඇති වන අතර එම මොහොතේදීම පැසිෆික් සාගරය අවට ප‍්‍රදේශයට දිස් වේ. ඉන්දියන් සාගරය, මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපයට චන්ද්‍රයා නැඟ ඒමත් සමඟින් චන්ද්‍රග‍්‍රහණයේ ආරම්භය පමණක් දිස් වෙනු ඇත.
නැගෙනහිර ඇලස්කාව, හවායි හා වයඹදිග කැනඩාවට චන්ද්‍රග‍්‍රහණයේ ආරම්භයේ සිට අවසානය දක්වාම නැරඹිය හැකිය. උතුරු හා මධ්‍යම ඇමරිකාවටත් එතරම්ම පැහැදිලිව නොවුණත් චන්ද්‍රග‍්‍රහණය නැරඹිය හැකි වෙනු ඇත. එසේම ‘බ්ලූ මූන්’ චන්ද්‍රයාගේ පැහැදිලිම රූපය නවසීලන්තයටත් ඕස්ෙට්ර්ලියාවටත් සැන්දෑ අහසේ දැකිය හැකිය.
මෙලෙස විවිධ වේලාවන්හි පෘථිවියේ විවිධ පැතිවලට දිස්වන චන්ද්‍රග‍්‍රහණය සඳහා මිනිත්තු 77ක් ගතවෙනු ඇතැයි නිරීක්ෂකයින් උපකල්පනය කරයි.
එළඹෙන 31 වැනිදා සිදුවන බ්ලූ මූන් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයට පසුව යළිත් පූර්ණ චන්ද්රග්රහණයක් ඇති වන්නේ 2028 දෙසැම්බර් 31 වැනිදායි. ඉන්පසුව 2037 ජනවාරි 31 වැනිදාත් පූර්ණ චන්ද්‍රග්‍රහණයන් ඇතිවෙයි. ගෙවී ගිය 2017 වසරට පෙර මෑතක කාලයේ චන්ද්‍රග්‍රහණයක් ඇති වූයේ 2009 දෙසැම්බර් 31 වැනිදායි. එහෙත් එය අර්ධ චන්ද්‍රග‍්‍රහණයකි. ඊට පෙර 1866 මාර්තු 31 වැනිදා බ්ලූමූන් පූර්ණ චන්ද්රග්රහණයක් ඇති වී තිබිණි.
ජනවාරි 31 වැනිදා දකින්නට ලැබෙන මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සුවිශේෂි වන්නෙත් ආසන්න වශයෙන් වසර 152කට පසුව දැක ගන්නට ලැබෙන දෙයක් නිසාවෙනි. එහෙත් ශ්‍රී ලංකාවේ සිටින්නන්ට නම් මෙම සුවිශේෂී අවස්ථාව පියවි දෑසින් දැක ගැනීමට අවස්ථාවක් නොලැබේ.
මේ වසර කොහොමටත් චන්ද්‍රයාට සුවිශේෂී ස්ථාන ලැබෙන වසරකි. බොහෝ මාසයන්වල පූර්ණ චන්ද්‍රයා දෙවරක් දිස්වේ.
පවනි උමයංගනා
ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි