හිසකෙස් වර්ණ ගැන්වීමේ විස්මිත කලාව


Hair Colouring , එහෙමත් නැත්නම් හිසකෙස් වර්ණ ගැන්වීම කියන්නේ තරුණ මැදිවිය කා අතරත් මේ වන විට ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. හිසකෙස් වර්ණ ගැන්වීම මගින් ඔබේ පෙනුමට බොහොම ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන් වගේම ඔබේ පෙනුම වැඩි දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා.මෙහිදි වැදගත්ම වන්නේ Hair colour එකක් තෝරගන්න විට ඔබේ අවශ්‍යතාව අනුව , ඔබේ සමේ වර්ණය අනුව වගේම කාලයට ගැළපෙන ජනප්‍රිය විලාසිතා වලට අනුව තෝර ගැනීමයි. සමට ගැළපෙන්න හරියටම hair colour එකක් කරන්නේ කොහොමද කියලා අපි බලමු.

ප්‍ර මුහුණට ගැලපෙන කලර් එකක තෝරාගන්නේ කොහොමද? 

හෙයා කලර් එකක් හිතුමානාපෙට කීරීම සුදුසු වන්නේ නැහැ. ඔබ හිසකෙස් වර්ණ ගැන්වීමකදි මුලින්ම ඔබ රැකියාවක් කරනවානම් රැකියාවේ ස්වභාවය , ඔබ නිතර ගැවසෙන සමාජය ඔබේ පෞරුෂත්වය ආදී දේවල් සැල්ලකිල්ට ගැනීම ඉතාම වැදගත්. අනෙක් විශේෂිතම කාරණය ඔබ කොතරම් ආස වුනත් කැපී පෙනෙන වර්ණ හැම කෙනාටම ගැළපෙන්නේ නැහැ. හිසකෙස් වලට වර්ණ ගැන්වීමේදි ඔබේ සමේ වර්ණය  අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම තමයි හිසකෙස් වර්ණ ගැන්වීමේදි  ඔබේ වයස පිළිබඳවත් සැලකීම වැදගත් වෙනවා. 

ඒ ව​ෙග්ම කොණ්ඩයේ වොලියුම් එක එහෙම නැත්නම් ඝන බව අඩු කෙනෙක්ට හෙයා කලර් එකකදී  වර්ණ දෙකක ශේඩ්ස් පාවිච්චි කරල හයිලයිට් එකක් කරනවා නම් හෙයා වොලියුම් එක වැඩි කර පෙන්විමේ හැකියාවත් තිබෙනවා. විශේෂයෙන් හිසකෙස් තුනී අය තෝරා ගත යුත්තේ සැර අඩු වර්ණයන් බවත් මතක තබා ගත යුතුයි. 

  • කලර් එකක් කරන්න කලින් Skin Test එක  අනිවාර්යයයි. 

මේවා කෙමිකල් සම්බන්ධ වැඩ.  ඒ නිසා අපි ලස්සන වෙන්න ඕන පරිස්සම තියාගෙන.  කවදාවත් හෙයා කලර් එකක් නොකරපු කෙනෙක්  වුණත් කරපු කෙනෙක් වුණත් අලුතෙන්  හෙයා කලර් එකක් කරන්න යද්දි අනිවාර්යයෙන්ම අපි මුලින්ම ස්ක්‍රීන් ටෙස්ට් එකක් සිදු කරනවා. එම ටෙස්ට් එකේදි කන පිටුපස (සම සංවේදි ස්ථානයක)  කලර් එකේ සාම්පල් එකක් අාලේප කර පැයක් පමණ තබා  කැසීමට රිදිමකට ලක්වෙනවාද කියා  බැලිය යුතුයි. එවැනි අවස්ථාවක ඔබට එම  කෙමිකල් වලට ආසාත්මිකතා එහෙම නැත්නම් ඇලජී එන්න පුළුවන්. පළමු වතාවට කලර් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් ස්ක්‍රීන් ටෙස්ට් කිරීම අනිවාර්යයි.  
විශේෂයෙන්ම ඔබ හිසකෙස් වර්ණ ගැන්වීමකදි අනිවාර්යයෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා සමඟ ඔබේ  වර්ණ තේරීම සමේ වර්ණය පිළිබඳ සාකච්ජා කිරිම ඉතාම වැදගත්. මොකද ජායාරූප වල සමාජමාධ්‍යයේ තවත් කෙනෙකුට හැඩ වර්ණයක් ඔබේ සමට නොගැළපෙන්න පුළුවන්. ඒ නිසා රූපලාවණ්‍ය ශිල්පියාගෙන් අදහස් විමසීම ඉතාම වැදගත් වෙනවා. 

  • මේ දවස්වල කලර් ට්‍රෙන්ඩ් එක

ආසියාතිකකරයට කියලා විශේෂයෙන් හිසකෙස් වර්ණ ගැන්වීමේ කෙමිකල් නිෂ්පාදනය වෙලා නැහැ  .විදේශික අයගේ හිසකෙස් හරි … තුනී සහ මෙලමයින් එක අඩු නිසා එයාලාගේ කොණ්ඩ ලයිට්. ආසියාතික කරේ කාන්තාවන්ගේ බොහෝ අයගේ හිසකෙස් ඝනකමයි සහ මෙලමයින් ප්‍රමාණය වැඩි නිසා තද කළුයි. එතකොට මේ වර්ණ හැම  එකක්ම අපේ රටේ කාන්තාවන්ගේ හිසකෙස් වලට ගැළපෙන්නේ නැහැ. 

වර්තමානය වෙනකොට නිල්, රතු, කොළ වගේ වර්ණවලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ වගේ වර්ණ ගල්වද්දි මේවායේ කල්පැවැත්ම ගැනත් අපි හිතන්න ඕන. මේ වගේ වර්ණයක් යෙදුවාම වොෂින් වාර 18 න් වගේ යද්දි වර්ණය ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. ඒවගේ වර්ණ හිසකෙස්වල රඳාපැවැත්ම අඩුයි.  

අපි වගේ රටකට ගැළපෙන්නේ  චොකලට් වර්ණ, මහෝගනී වර්ණ (මේ වර්ණ පැහැපත් සමක් ඇති කෙනෙකුට වඩාත්ම ගැළපෙනවා. ඒවගේම කැරලි හිසකෙස් තියෙන කෙනෙකුට වුණත් මේ විලාසිතාව භාවිත කරන්න  හැකියාව තිබෙනවා).

ඒ වගේම Brunette Hair with Auburn Highlights (මෙහි දක්නට ලැබෙන්නේ රතු සහ දුඹුරු පැහැ දෙකේ මිශ්‍රණයක්) මේක  Highlights විදියට මේක ඔබේ හිස කෙස්වලට භාවිත  කරන්න පුළුවන්. 

ඒ වගේම හිසකෙස්වල නැවුම් වගේම හොඳ පෙනුමක් එකතු කරන්න පුළුවන්  වර්ණයක්  තමයි Caramel and Bronze Highlights කියන්නේ.මෙය තලෙළු සමක් හිමි යුවතියකට වගේම මැදි වයස් කාන්තාවකට වුණත් බොහොම ගැළපෙන හිස කෙස් වර්ණ  විලාසිතාවක්.

ඒ වගේම ඉතා තද කළු පැහැයෙන් යුතු හිසකෙස් සහිත අයට ගැළපෙනම විලාසිතාවක් ලෙස  Dark copper highlights ලෙස හඳුන්වන්න පුළුවන්. තද කළු  හිසකෙස් සහිත කෙනෙකුට තද සහ දීප්තිමත් තඹ පැහැයකින් highlights යෙදුව වෙනස්ම ලස්සනක් හිසකෙස්වලට එකතු වෙනවා. 

බොහෝ යුවතියන්ට සමහර වෘත්තීන් නිසා හිසකෙස් වර්ණ ගන්න අපහසුතා ඇති අය අපට ඇවිත් කියනවා අව්වට විතරක් පෙනෙන වර්ණයක් ඕන කියලා. ඒ සඳහා දැන් අපිට  Bronze රෙන්ජ් එකේ වර්ණ ගණනාවක්ම ඇවිත් තියෙනවා. මේ වර්ණ කැපී පෙනෙන්නේ නැහැ. 

  • වර්ණ ගැන්විමකට පෙර

ස්ක්‍රීන් ටෙස්ට් එක කරාට පස්සේ ඇලජි එකක් නැත්නම් වර්ණ ගැන්වීමට පෙර අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් යොදා කොණ්ඩය හොඳින්  සෝදාගැනීම අනිවාර්යය වෙනවා. මොකද හිසකෙස්වල ඉක්මනින්ම කුණු දුහුවිලි රැඳෙන නිසා සහ තෙල් ගතිය මතුවි තිබේ නම් ගිවන වර්ණය  හිසකෙස් වල නොරැඳෙන ඉඩ කඩ වැඩියි.

  • සුදු හිසකෙස් තියෙන අයටත් වර්ණ ගැන්වීමේ හැකියාව තියෙනවා

සුදු හිසකෙස් තියෙන ගොඩාක් දෙනා හිතනවා ඒ අයට සුදු කෙස් තිබෙන නිසා ෆැෂන් කලර් කිරිමේ හැකියාවක් නැහැ කියලා. සමහර අය හිතනවා කොණ්ඩවලට වර්ණ ගැන්වීම කරන්න ඕන සුදු හිසකෙස් හෙනා කිරිමෙන් අනතුරුව කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්.සමහර අය සුදු කෙස් කළු කරගෙනම අපි ළගට එනවා වර්ණ ගන්වන්න කියලා . හොදට මතක තියාගන්න සුදු කෙස්වලට හෙනා ආලේප කරහොත් අප ගල්වන ෆැෂන් වර්ණ හිසකෙස් වලට උරා ගන්නේ නැහැ.  ඒ වගේම දැන් බ්ලීච් නැතුවත් හිසකෙස්  වර්ණ ගන්නන්න පුළුවන්. බිලිචින් කිව්වාම ගොඩක් අය බය වෙනවා මේක සැර කෙමිකල් එකක් කොණ්ඩේ දිරන්න පුළුවන්. මේකට කියන්නේ ප්‍රි ලයිටින් කියලා.  බ්ලීචින් වලින් කරන්නේ කළු හිසකෙස් වර්ණය අඩු කරලා 

  • කලර් කරපු කොණ්ඩේ පරිස්සම් කරගන්න 

හෙයා කලර් එකක් කළාට පස්සෙ කලර් ප්‍රොටෙක්ශන් ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එකෙන් වර්ණය වැඩි කාලයක් පවත්වගන්න පුළුවන්. ඒ වගේම කරන වර්ණ ගැන්වීම අනුව පරිස්සම් කරන විදිහ වෙනස් වෙනවා. ඈෂ් වගේ වර්ණයක් දැම්මොත් පර්ප ෂැම්පු කන්ඩිෂනර්  එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕන. 

හිසකෙස් වර්ණ ගැන්වුවාට පසුව අව්වට හිසකෙස් නිරාවරණය කරන එක හැකි තරම් අඩු කළ යුතු වෙනවා.  විශේෂයෙන් මුහුදේ, ස්විමින් පූල් වල ස්නානය නුසුදුසු වෙනවා. විශේෂයෙන් පූල් වල පාවිච්චි කරන ක්ලෝරීන් හෙයා කලර් එකක් ෆේඩ් කරන්න පුළුවන්. නිතර පිහිණුම් වැනි ක්‍රීඩාවක නිරත වෙන කෙනෙක් නම් හෙයා මාස්ක් එකක් පාවිච්චි කිරීම සුදුසු වෙනවා.    

ප්‍ර නැවත කලර් එකක් කරන්න ඕනෑ කොච්චර කාලෙකින් ද?

හිසකෙස්  වර්ණ ගැන්වූ කෙනෙක් නැවත වර්ණගැන්විමක් කළ යුත්තේ  මාස තුනකට පමණ  පසුවයි.  විශේෂයෙන්  කොණ්ඩෙට කලර් එක කරන්න කළින් කෙමිකල් යෙදූ ස්ට්‍රේට් රිබොන්ඩින් වගේ දෙයක් කර තිබෙනවාද? එසේනම් කොතරම් කලකට පෙරද කර තිබෙන්නේ යන්න බැලිය යුතුයි. ස්ට්‍රේට් රිබෝන්ඩින් එකක් කරලා නම් අනිවාර්යයෙන්ම කලර් එකකට යන්න ඕන මාස තුනකට පසුවයි.

නදිශා අතුකෝරළ