බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුව උදානි කලා සංගමය සංවිධානය කළ “සුව උදානි කලා උළෙල“ කොළඹ ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී පැවැත්විණි .
රෝහල් ,මධ්‍යම බෙහෙත් ශාලා,ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය හා දෙපාර්තමේන්තු කාර්යමණ්ඩල ඉදිරිපත් කිරීම් කළ අතර කිරිබත්ගොඩ පංචකර්ම රෝහලේ සංගීත කණ්ඩායම සංගීතය සැපයීය .
ලුනාව ආයුර්වේද රෝහලේ රෝහල් වෛද්‍ය නිලධාරිනියන්, ඔවුන්ගේ පවුල් සාමාජිකයන් , රෝහල් සේවක සේවිකාවන් හා කාර්යාල නිලධාරිනියන් එක්ව අංගයන් ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.