(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
කොත්මලේ එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98 ක් සඳහා ඉදිකළ නව නිවාස 98 කින් යුත් “බගත්සිංග් පුරම්” ගම්මානය ජනතා අයිතියට පැවරීම අද (24) සිදු කෙරිණි.
මෙම ගම්මානය ඉන්දීය රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 98 ක වියදමින් ඉදිකර ඇත.
පර්චස් 7 ක ඉඩමක් සමඟ ජලය, විදුලිය හා මාර්ග පහසුකම් සහිත මෙම අංග සම්පූර්ණ නිවාස සඳහා ජලය විදුලිය ඇතුළු යටිතල පහසුකම් ලබාදී තිබේ.
මීට අමතරව නව නිවාස ගම්මාන, වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 15 ක් ලබා දී ඇත.
මෙම නව නිවාස සඳහා හිමිකම් ඔප්පු ලබාදිම ද අද (24) සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, නවීන් දිසානායක, පලනි දිගම්බරන්, ගයන්ත කරුණාතිලක, වී.රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් පිරිසක් සහභාගී වුහ.