රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයේ සුවිශේෂිත වූ පෙරහර ඉරිදා (10) වීදි සංචාරය කළේය.
බස්නායක නිළ මැදුරේ දානයක් අතුපන්දලම අලූත් කැර බස්නායක නිළමේ වරයා ප‍්‍රථමයෙන් පෙරහරේ ගමන් කළ දිනය වූයේ මෙදිනයි. මෙදින පෙරහර සඳහා විශේෂ වූ නැටුම් අංග අතර හින්දු ජනයාටද පෙරහරට සම්බන්ධවීමේ අවස්ථාව උදාකරමින් යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවල කලායතන වලට අවස්ථාව සලසා දී තිබීම මෙවර විශේෂත්වයකි.
උඩරට, පහතරට හා කතරගම දෙවියන්ට ආවේනික වූ කාවාඩි හා මොණර නැටුම්ද සමග නැටුම් 52 ක් එක්කර තිබූ අතර, අලි ඇත්තු 13 දෙනෙක්ද සහභාගී වූහ.