(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන දේවමුනි හැරල් රෝහන හෙවත් "ගොනාකෝවිලේ රොහා" නමැත්තාගේ සමීපතමයන් 4 දෙනෙකු ජීව උණ්ඩ තොගයක් සමඟ අද(04) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය කියයි.
එම සැකකරුවන් සමග ටී 56 ගිනි අවි වලට යොදන උණ්ඩ 255ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 4 හා මයික්‍රෝ වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩ 3ක් පොලිසිය බාරයට ගෙන ඇත.