(ඉන්දිකා රාමනායක)
කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "ආමි සමන්ත" නැමැත්තාගේ බිරිඳ මත්කුඩු සහ මුදල් සමග දිවුලපිටිය කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය ඊසි කෑෂ් ක්‍රමයට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදී සිටින්නියක් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමග සමග හෙරොයින් ජාවාරමෙන් උපයාගෙන තිබූ බව කියන රුපියල් ලක්ෂ 24ක මුදලක්ද තිබී ඇත.