(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නිවසක දී රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ මා මුන්ගෙ රත්නම් නොහොත් " බාබූ "නැමැත්තා අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 හා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 35,560 පොලිසිය බාරයට ගෙන ඇත .
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ඔරුගොඩවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන සාතම්මා වත්තේ ‘කුඩු පද්මිණී’ නමැත්තියට අයත් මත්කුඩු ප්‍රදේශවලට ගොස් අලෙවි කරන බව පොලිස් නිලධාරියකු පැවසීය.