(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ “සිරිකොත ගමට” සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඉරිදා (10) දවස පුරා කළුතර දිස්ත්‍රික්කයේ දී පැවැත්වෙන බව එජාප මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයින් මැති ඇමැතිවරුන් සහ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් “සිරිකොත ගමට” වැඩසටහන පැවැත්වේ.
කළුතර දිස්ත්‍රික්කයේ ගමින් ගමට ගොස් පාක්ෂිකයන්ගේ ගැටළු සහ යෝජනා හඳුනාගනිමින් ගැටළු වලට දිය හැකි විසඳුම් ලබා දෙමින් ඉරිදා දවස පුරාම පක්ෂයේ නායකයින් කළුතර පාක්ෂික ජනතාව සමඟ ගත කිරීමට නියමිත බව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
සිරිකොත ගමට වැඩසටහන් මාලාවේ පලමුවැන්න කළුතරින් ආරම්භ කර පසුව රට පුරා සියලුම දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතව ඇතැයිද මහලේකම්වරයා කීය.
සිරිකොත ගමට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැන්න අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති, ලක් වනිතා සංවිධාන, තරුණ පෙරමුණු බල ගන්වමින් නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙනයාම මෙම වේද සටහනේ මුලික අරමුණ බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.