(අංජුල මහික වීරරත්න සහ සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
ලංකා ඉතිහාසයේ පළමු වරට දෙමළ , මුස්ලිම් ඇතුළු සියලු පක්ෂ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන්න පිළිගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී අද (27) පැවැසීය.
ආර්ථික කළමනාකරණය කර ගනිමින්,ණය ගෙවමින්,සංවර්ධනය ඇති කරමින් , ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගනිමින් ඒකීය රටක් යන සංකල්පයට සියලුම දෙනා එකඟ කර ගැනීමේ ස්වරණමය අවස්ථාව ජය ගැනීමට රජය සමත් වූ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර කඩ කාමර 173 කින් සමන්විත වානිජ සංකීර්ණය,කඩ කාමර 153 කින් සමන්විත පොදු වෙළඳ පොල විවෘත කිරීමෙන් පසුව පැවැති ජන රැළියේදීය.
රුපියල් මිලියන 414ක අයෝජනයකින් මේ ගොඩනැගිලි ඉදිකර ඇත්තේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර