‘සේනා’ විනාශකළ වගාවන්ට වන්දි ඉල්ලා ගොවීහු උද්ඝෝෂණයේ


(ප්‍රසන්න පත්මසිරි)
 
 
සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් රිදීමාලියද්ද ප්‍රදේශයේ බඩ ඉරිගු වගා කළ ගොවීන් සමඟ එක්ව අද(21)  දවල් දෙහිගම ගම්මානයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
 
 
රජයේ බැංකුවලින් ගොවිතැනට ලබා ගත් ණය කපා හරින ලෙසත්,වගා විනාශයට වන්දි ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතාවක නිරතවූහ. 
 
 
රිදීමාලියද්ද,දෙහිගම,ඇකිරියන්කුඹුර යන ගම්මානවල ගොවීන් අක්කර 600ක පමණ වගා කර ඇති බඩ ඉරිගු වගා සියල්ලෙහිම සේනා දළඹුවන් ව්‍යාප්තවීම නිසා ගොවිතැන් විනාශයට පත්ව ඇතැයි ගොවීහු කියති.
 
පැයක පමණ කාලයක් දෙහිගම ගම්මානයේ විරෝධතා දැක්වු ගොවීහු ඉන් පසුව ගම්මානයේ දළඹු ග්‍රහනයට ලක්ව විනාශ වී තිබෙන බඩ ඉරිගු වගා ට්‍රැක්ටර් රථ යොදමින් හා කැතිවලින් කපා විනා කිරීමට ද කටයුතු කළහ.