(නිමල කොඩිතුවක්කු)
මෙරට වගා කර ඇති බඩ ඉරිඟු හෙක්ටයාර 82,000න් 45,000ටම සේනා දළඹු උවදුර ව්‍යාප්තව ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ්. වීරකෝන් මහතා ලංකාදීපයට අද(24) පැවැසීය.
සේනා දළඹුවා පැතිර යාමෙන් සමස්ථ බඩ ඉරිඟු අස්වැන්නෙන් පහෙන් එකක් පමණ මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔහු සඳහන් කළේය.
සේනා දළඹුවා මේ වනවිට උක් වගාවට මෙන්ම ඇතැම් එළවළු වගාවන්ටද පැතිර ගොස් ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
වී වගාවට මෙම දළඹුවාගෙන් එතරම් හානියක් වාර්තා වී නොමැති බවත් ඔහු කියා සිටියේය.
සේනා දළඹුවාගෙන් සිදුවූ වගා හානිය පිළිබඳ මෙතෙක් ගණනය කර නොමැති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.