‘සුරක්ෂා’ වෙන් කළ මුදලුත් අවභාවිතා කරලා - ස්ටාලින්



 
 
ශිරාන් රණසිංහ
 
පාසල් දරුවන් රක්ෂණය කිරිමට ආරම්භ කළ ‘සුරක්ෂා’ රක්ෂණයට වෙන් කළ රුපියල් මිලියන 2700 ක මුදල ඉන්දීය රක්ෂණ සමාගමක ප්‍රතිරක්ෂණය කරමින් ජනතා මුදල් අවභාවිතා කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.


රාජ්‍ය ආයතනයක් රක්ෂණාවරණයක් ගැනීමේ දී කොමිස් මුදල් ලබා ගැනීමට නොහැකි වුවද මෙමගින් රුපියල් මිලියන 100 ක කොමිස් මුදල් ලබාගෙන ඇතැයි ද හෙළි වී ඇත.


අයවැය මගින් සුරක්ෂා රක්ෂණය සඳහා වෙන් කළ රුපියල් මිලියන 2700 ක මුදල ඉන්දීය රක්ෂණ සමාගමක ප්‍රතිරක්ෂණය කිරිමේ කිසිදු අවධානමක් නොමැතිව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම එක්ව ජනතා මුදලින් ඉන්දීය රක්ෂණ සමාගමක් පෝෂණය කර ඇතැයි ද හෙතෙම කීවේය.