‘සබරගමු සභාවේ වාහන 20ක් ආපසු දී නැහැ‘


සබරගමුව පළාත් සභාව මඟින් මන්ත‍්‍රීවරුන්ට ලබාදී තිබූ වාහන 20ක් මෙතෙක් ආපසු බාරදී නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාට පැමිණිලි කළ බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය කියයි.

පළාත් සභාවේ විශේෂ ව්‍යාපෘතිවල සේවය කරන නිළධාරීන් සඳහා වෙන් කර තිබූ මෙම වාහන මෙලෙස මන්ත‍්‍රීවරුන්ට ලබාදී ඇත්තේ මහ ඇමති මහීපාල හේරත් මහතා විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වීමෙන් පසුවය.

මෙලෙස ලබාගත් වාහනවලින් ඇතැම් වාහන ආපසු බාරදී සමහර වාහන බාරදී නැත. මෙම වාහන සියල්ල කැබ් රථය. එම වාහන ලැයිස්තුව මෙසේය.

කෑගල්ල දිස්ත‍්‍රික්කය

SG PF 9359, SG PF 9363, SG PF 9366, SG PF 9373, SG PF 9376, SG PF 9375, SG PF 9384, SG PF 9390, SG PF 9391, SG PF 9395, SG PF 9396, SG PF 9408, SG PG 4781, SG PG 0294, SG PF 9405

රත්නපුර දිස්ත්‍රික්කය

SG PF 9378, SE PF 9382, SE PE 0299, SE PE 0289, SE PE 0291

මෙම වාහනවලින් බහුතරය මේ වනවිට සබරගමුව පළාතෙන් පිටතට ගෙනගොස් ඇති බවද දැනගන්නට ලැබී ඇති බවත් එම වාහන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි එම ආයතනයේ පොදු දේපල සුරැකීමේ වැඩසටහන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කරයි.