(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී ක්‍රියාවන්හී නිරත වෙමින් පොලීසිය සොයමින් සිටි ‘වික්ටර්’ නැමති කල්ලියේ ප්‍රබල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී වැලි ජාවාරම්, දැව ජාවාරම්, මහජන සාමය කඩවන අයුරින් සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරතවන වික්ටර් කල්ලයේ ප්‍රබල සාමාජිකයකු මෙලෙස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් තන්නිරුට්ටු මුල්ලියාවේලී ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට බාර දීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පියවර ගනු ලැබීය.