‘වැස්ස තද වෙයි‘


ශ්‍රී ලංකාවට ඉහලින් හා ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මිලී මීටර් 150 කට වඩා වැඩි වැසි  ඇති වීමට ඉඩ ඇති බව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.